Spread the love

අධි සුඛෝපභෝගී මහල් නිවාස (සහාධිපත්‍ය නිවස්න ඒකක) මිළදී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කරන බ ව
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ අද දිනයේ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම වැඩ පිළිවෙල හදුන්වාදුන් අවස්ථාවේදීය.
වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුළ වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
සහාධිපත්‍ය නිවස්න ඒකක (සුඛොපභොගි මහල් නිවාස) ඉදි කරන්නන් හා එම නිවාස මිලදී ගන්නන් විසින් දීර්ඝ කාලයක් සිට රජයෙන් හා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව දීර්ඝ කාලීන විසා බල පත්‍ර ලබා දීමේ මෙම වැඩ පිළිවල ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබි ඇත.
දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීම තුලින්, අධි සුඛොපභොගි මහල් නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ගලා ඒම අපේක්ෂිතයි.
නව වැඩපිළිවෙල යටතේ වසර 5කට සහ 10කට යන කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර නිකුත් කරයි.
වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ආයෝජනකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටය.
වසර 5ක විසා බලපත්‍ර හිමිවනුයේ නාගරික ප්‍රදේශයක ඇ.ඩො 1,50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා අයටය.
එමෙන්ම වසර 5ක බලපත්‍රය ඇ.ඩො ලක්ෂ 5කට වටිනාකම්න් යුතු නිවාස ඒකක මිලදී ගන්නා සමාගම්වල උපරිමය අධ්‍යක්ෂවරු 4 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට හිමිවේ.
මෙහිදි අදහස් දක්වන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අධි සුඛොපභොගි මහල් නිවාස 30,000ක් පමණ මෙරට පවතින අතර ඉන් 5000ක් පමණ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ පවතින ව්‍යාපෘති වේ.
මෙම සියලු ව්‍යපෘති සදහා මෙම දිර්ඝකාලීන වීසා බලපත් නිකුත් කිරීම මෙම වැඩසටහන අනුව ක්‍රියාත්මක කෙරේ. මේ තුළින්න් ඕනෑම රටක විදේශිකයෙකුට මෙරට සහාධිපත්‍ය නිවස්න මිලදීගැනීමටත්, ඒ සදහා ආයෝජන කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වේ.
මේ වනවිටත් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, රුසියාව සහ ඉරානය වැනි රටවල ආයෝජකයින් මෙම ක්ෂේත්‍රයේ විශාල ලෙස ආයෝජන කර ඇත. එමෙන්ම අගනුවරින් බැහැර ගාල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල හා අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවලදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති සමාගම් ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම අද දින සිදු කෙරුණු අතර මෙම වැඩසටහන ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.