Spread the love

ඛණිජ තෙල් සංස්ථා පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ආරම්භ කර ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සහය පළකරන බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අනුබද්ධ ටැංකි රථ රියදුරන්ගේ සංගමය පවසයි.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප‍්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ඛනිජ තෙල් සංස්ථා පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් (30) පෙරේදා මධ්‍යම රාති‍්‍රයේ සිට ධාවන කටයුතුවලින් ඉවත් විය.
මේ අතර ඉන්ධන බෙදා හැරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ගෙන ඇති නව තීරණවල කිසිඳු ප‍්‍රායෝගික තත්ත්වයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා පෞද්ගලික ටැංකි රථ  හිමියන්ගේ සංගමය පවසයි.