Spread the love

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අද (04) සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට ලබන 18 වනදා දක්වා සියලුම සිසුන්ට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ඒ සඳහා අයදුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

එසේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික පත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට ඉල්ලුම් කිරීමට පසුගිය 01 වනදා සිට අවස්ථාව ලබාදී තිබේ.