Spread the love

අදට (15) යෙදෙන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 244 දෙනෙකුට නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප‍්‍රකාරව ජනාධීපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම නිදහස ලබාදී තිබේ.
කාණ්ඩ 04 ක් යටතේ අදාළ සිරකරුවන් තෝරාගැනීම සිදු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.