Spread the love

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ

සිරිසුමන හිමියන්ව අද (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා එහිදී පැවසුවේ, තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගත් බවය.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන තිළිණි ප්‍රියමාලි සහ ඉසුරු බණ්ඩාර යන සැකකරුවන් දෙදෙනාව ද නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගතව තැබීමට අධිකරණය නියෝග කර ඇත.