නිමල් රාජපක්ෂ
සුරංන්ගා ගුණතිලක මහත්මිය සුරාබදු කොමසාරිස් ( පාලන) ලෙස අද(11) පෙරවරුවේ එළඹුන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්හ.
රාජ්ය සේවයේ පුරා වසර තිහකට ආසන්න කාලයක් සේවා සපිරි සුරංන්ගා ගුණතිලක මහත්මිය දිවයින පුරා තනතුරු කිහිපයකම දැරූ තැනැත්තියෙකි. පරිපාලන සේවයේ පුරා වසර 19 ක සේවා කාලයක් සපිරි ඇය කුරුණෑගල සහකාර දිස්ත්රික් ලේකම් , කටාන සහකාර ප්රාදේශීය ලේකම් ,ගම්පහ දිස්ත්රික් සමෘද්ධි සහකාර කොමසාරිස්, මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් සහ ගම්පහ ප්රාදේශීය ලේකම් ධුරයේද රාජකාරි ඉටු කළහ.
අවසන් වශයෙන් ගම්පහ ප්රාදෙශීය ලේකම් ධුරය හෙබවු ඇය අද(11) සුරාබදු කොමසාරිස් පාලන හැටියට සිය ධුරයේ වැඩ බාර ගත්හ.
