Spread the love

නිමල් රාජපක්ෂ.

ස්විස්ටර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නියෝජනය කරමින් එහි සභාපති ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති යූර්ග් ලව්බර් (Jürg Lauber) මහතා ජිනීවා නුවරදී හමුවූහ. පසුගිය සැප්තැම්බර් 20 වන දා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය අතරතුර මෙම හමුව සිදුවිය. කවුන්සිලයේ 60 වන සැසිවාරය සැප්තැම්බර් 08 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා පැවැත්වේ.

දෙපාර්ශ්වය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියත්, ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙලත්, නව දේශපාලන සංස්කෘතියක් සදහා ගෙන ඇති ප්‍රවේශයන්ද අමාත්‍ය පන්නිල විසින් ඉදිරිපත් කළේය.