ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මැයි 9 වන දින පැය 2330 වනවිට 8.50N සහ 89.30E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතිණි. එය වයඹ දෙසට ගමන් කර ගිනිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු ඉදිරි දින වලදී ගිනිකොන බෙංගාල බොක්ක සහ යාබද මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
උතුරු අක්ෂාංශ 02 – 15 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
