තිරුක්කෝවිල් මුලික රෝහලේ තෙමහල් හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ගොඩනැගිල්ලේ පළමු අදියර ලබන වසරේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
නැගෙනහිර පළාතේ සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවත්, සෞඛ්‍ය සේවා සංවර්ධනය පිළිබඳවත් සොයා බැලීම සඳහා මඩකළපුව දිස්ත්‍රික්කයට පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තිරුක්කෝවිල් දිස්ත්‍රික් මුලික රෝහලේ නිරීක්ෂණයක නිරත විය.
එහිදී රෝහලේ ශල්‍යාගාර, රෝගී ප්‍රතිකාර වාට්ටු, බාහිර අංශය ඇතුළු අංශ කිහිපයක් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා තිරුක්කෝවිල් මුලික රෝහල සඳහා 2017 වසරේ මුල්ගල් තබන ලද ශල්‍යාගාර සහ ලේ බැංකු ගොඩනැගිල්ල මෙතෙක් ඉදි කිරීම් සිදු කර නොතිබීම පිළිබඳවත්, රෝහලේ වර්ෂ 1982 විවෘත කරන ලද දැනටත් ප්‍රතිකාර කටයුතු සිදු කරන මාතෘ නිවාසය පිළිබඳවත් දැඩි අවධානය යොමු කරන ලදි.
නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් සමග රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ජාවක් ද පවත්වන ලදි.
