දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන – ප්‍රජා ශක්ති – වැඩසටහන යටතේ දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අද (21) දින රුහුණ විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය අචාර්ය උපලි පන්නිල මහතාගේ ප්‍රධානතවයෙන් පැවැත්වුනා.
එහිදී ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන්ගේ කාර්යභාරය හා වගකීම් පිළිබඳව දැනුවත් කරන්නට වුනා. එමෙන්ම එහිදී සභාව අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ගම සංවර්ධනය කිරීමේ පූර්ණ වගකීම ප්‍රජා සංවර්ධන සභාවේ නියෝජිතයන් සතුවන බවයි. තවද පසුගිය කාලයේ අපේ රටේ ක්‍රියාත්මක කළ දිළිඳුකම තුරන් කිරීමේ විවිධ වැඩසටහ තුලින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.
මෙම අවස්තාවට නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, හම්බන්තොට දිස්ත්‍රික් සම්බධිකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිළධාරීන්, ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරු හා ලේකම්වරු සහභාගි වූහ.
