Spread the love


නිමල් රාජපක්ෂ-


හම්බේගමුව රක්ෂිතයේ මහා පරිමානයෙන් ඉතා රහිසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා රුපියල් ලක්ෂ පනහක් වටිනා ගංජා තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (15)මොනරාගල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


සුරාබදු නිලධාරීන් රක්ෂිතයේ කිලෝ මීටර් දහයක් පමණ බොරුවැල් ,මර උගුල් වලින් බේරි දැඩි දුෂ්කරතා මැද්දේ ගොස් කෑලැව මැද වගා කර තිබු ගංජා හේන සොයාගත් බව මොනරාගල සුරාබදු අධිකාරී ටි.එම්.බී තිලකරත්න මහතා පවසයි.


සුරාබදු සැරයන් ආර්.එම්.ඒ .එස් .රත්නායක මහතාට ලද තොරතුරකට අනුව දිර්ග විමර්ශනයකින් පසු මෙම දුෂකර ගමන, කෑලැව පීරමින් ගොස් කල පරික්ෂාවකදී අක්කරයක භූමි ප්‍රමානයක් වගාකර තිබු ගංජා හේන සමගින් සැකකරු කොටුකර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.


ගංජා ගස් අඩි හතරක් පහක් උසට සරුවට වැවී තිබු අතර ගංජා ගස් සියල්ල ගලවා ගිනිතබා විනාස කළ බවද තිලකරත්න මහතා පැවසුවේය.


සැකකරු කාලයක් තිස්සේ ඉතා රහසි ගතව ගංජා වගාව සිදු කර ඇති අතර කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අලෙවි කර ඇතැයිද ප්‍රශ්න කිරීමේදී තොරතුරු හෙලිවි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

ඌව පලාතභාර සහකාර සුරාබදු කොමසාරිස් එස් .රංජන් මහතාගේ උපදෙස් මත, මොනරාගල සුරාබදු අධිකාරී ටි.එම්.බී.තිලකරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, මොනරාගල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ටී.පි.ගමගේ මහතාගේ මෙහෙයවීමෙන්, පරික්ෂවරුන්වන එච්.එම් .එන්.එස්.කේ .හෙන්නායක , ආර්.ඒ.එන්.ටි රාමනායක, ආර්.එම්.කේ.පී.වීරසේකර ,සැරයන් ආර්.එම්.ඒ .එස් .රත්නායක , කෝප්‍රල් රත්නායක ,නියාමකවරුන්වන විජිත නන්ද ,බංඩාර,වීරසිංහ ,එස්.තිලෝජන් ,සේනාරත්න ,නියාමක රියදුරන්වන ,වර්ණ හෙන්නැදිගේ , කුමාර යන නිලධාරීහු මෙම වැටලිම් සිදු