Spread the love

හෙට (22) දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.