Spread the love

හෙට(05) මධ්‍යම රාත්‍රියේ සිට (06)මධ්‍ය රාත්‍රිය දක්වා දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පවසයි.

මෙම ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය වෘත්තීය සමිති 40 ක් එක්වීමට නියමිත බවද පැවසුවේය. මෙහිදී දුම්රිය මුලස්ථානයේ සිට විරෝධතා පා ගමනකින් පැමිණ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරය පවත්වන බවද විතානගේ මහතා වැඩි දුරටත් සදහන් කලේය.

ඒ ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි, ගුරු ඇතුළු රාජ්‍ය සේවයේ සියලු ක්ෂේත්‍රවල වෘත්තිය සමිති හර්තාල් ව්‍යාපාරයක් කැදවා තිබීම හේතුවෙනි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය කැදවා ඇති බවයි එම වෘත්තිය සමිති අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.