Spread the love

දොඩංගොඩ ප්‍රදේශයේ අවුරුදු 18ක පමණ තරුණයෙකු මුහුණු පොතේත් තරුණියක ලෙසින් හඳුනාගත් ව්‍යාජ පුද්ගලයෙකුට ආදරය පළ පළකිරීමෙන් පසුව දෙදෙනා අතර සතියක පමණ කාලයක් කතාබහ කර හඳුනාගැනීමේන් චැට් කර පසුව කටුකුරුන්ද මුහුදු වෙරළේදී හමුවීමට පැමිණෙන්නැයි පවසා එම තරුණයාව මංකොල්ලකා තිබේ.

සිද්ධියට මුහුණ දුන් තරුණයා පයාගල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ සිදු කර මංකොල්ල කෑමට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු පයාගල පොලීසිය විසින් (2) අත්අඩංගුවට ගත් බව කියයි.

දොඩංගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු 18ක තරුණයෙක් තරුණියක්යයි සිතා ජංගම දුරකථනයෙන් චැට් කර මුහුණු පොත හරහාආදර බැඳීමක් ඇතිකර අනතුරුව තරුණිය ක්බව කියන ව්‍යාජ පුද්ගලයෙකු ට හසුව එම දොඩංගොඩ තරුණයාට මුහුදු වෙරළේ දී හමුවීමට කල යෝජනාවෙන් පසුව දොඩංගොඩ තරුණයා මුහුදු වෙරළට පැමිණීමෙන් පසුව එකවරම ඔහු අසලට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් බෙල්ලට මුවහත් ආයුධයක්තබා එම තරුණයාව බියවද්දා අත තිබූ ජංගම දුරකථනය සහ චාජරය, ජංගම දුරකථනය විදුලිය නොමැති අවස්ථාවල භාවිතා කරන උපකරණය (power bank) සහ ඔහු සතුව තිබූ රුපියල් 4,000 මුදලක් බලාත්කාරයෙන් ලබාගෙන පලා ගොස් තිබෙන පයාගල පොලිස් වසමේ තරුණයින් පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

පයාගල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂකකපිල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර උප පොලිස් පරීක්ෂක ලක්මාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම තරුණයා මංකොල්ල කෑමට ලක් කර ඇති සැකකරුවන් දෙදෙනා කටුකුරුන්ද සහ ඈතගම ප්‍රදේශයේ පදිංචි තරුණ දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.