පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා එහි හිමිකරු, ඔහුගේ බිරිඳ ඇතුළු 10ක් ව පානදුර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 – 40 අතර වියේ පසුවන පිරිසක්ය.
සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ දී මත්ද්‍රව්‍ය භාවිතාකර සිට ඇති අතර, ඔවුන් සන්තකයේ කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් තිබී ඇත.
පානදුර උතුර පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
