ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 09 වැනි දිනටත් පැවැත්වෙන බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ මහතා පැවසීය.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (21) රැස්වූ අධ්‍යක්ෂ මණ්ඩලයද පිළිගත හැකි විසඳුමක් ලබා නොදුන් බව පැවසීය.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.
