අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියට මරණ තර්ජන කරමින් විද්‍යුත් ලිපියක් ලැබී ඇතැයි මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි.
අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු මේ සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලක් අනුව විමර්ෂණ කරමින් ඇති බවත් එම විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්ල ගූගල් වෙතින් වාර්තාවක් ලබාගෙන ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.
නෙදර්ලන්තය සහ ජර්මනිය රටයල එම විද්‍යුත් ලිපිය සම්බන්ධ වී ඇති බව සොයාගෙන ඇතැයිද කී අමාත්‍යවරයා
ජාත්‍යන්තර පොලිසියේද සහායෙන් තව දුරටත් විමර්ෂණ සිදු කරන බවත් සදහන් කලේය.
අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහකාට ලොකු පැටීගේ ගෝලයෙකු ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශණවලදී අදාල තොරතුරු අසත්‍ය බව හෙලි වූ බවත් අමාත්‍යවරයා පැවසුවේය.