කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් අගය එකතුකළ තේ ආශ්රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශණ සභාවේ නව සභාපතිවරයා ලෙස තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන හුසේෆා අක්බරලි මහතා (Huzefa Akbarally) පත්කර ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07 දා) පැවති අගය එකතුකළ තේ ආශ්රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශණ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකරන ලදී.
අගය එකතුකළ තේ ආශ්රිත කර්මාන්ත අංශය පිළිබඳ මෙම ආංශික උපදේශණ සභාව මඟින් එම කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබන අතර නව සභාපතිවරයා ප්රමුඛ සභාවේ අනිකුත් සාමාජිකයන් 21 දෙනා සමඟ අගය එකතුකළ තේ ආශ්රිත කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
