Spread the love

අග්බෝ ඇතා දැනට රැඳී සිටින උලගල්ල වැව වටා විදුලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන ඇතිබව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දිනක අග්බෝ ඇතා තිරප්පනේ ප්‍රදේශයේ බොහෝ වගා බිම් විනාශ කිරීම මත එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව දැනට අග්බෝ ඇතා රැඳී සිටින උලගල්ල වැව වටා එම විදුලි වැට ඉදිකිරීමට නියමිතයි.

මේ වන විටත් අග්බෝ ඇතාගේ වම් කකුලෙහි පවතින වෙඩි වැදීම් තුවාලය සම්පුර්ණයෙන් සුව වී නොමැති බව වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.