Spread the love

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංගකලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 12 වනදා දක්වා පැවැත්වෙයි.

පෙර වර්ෂවල පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් සිදු නොවන අතර මෙවරද එම ක්‍රමවේදයම අනුගමනය කරමින් විභාග පැවැත්වෙයි

පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී තැපැල් මඟින් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.