අන නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර යි.
ඒ අනුව, කිලිනොච්චි – ධර්මපුරම් පොලිස් කොට්ඨාශයට අයත් කල්ලාර් ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පොලීසිය විසින් ටිපර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර, එහිදී එම රථය පොලිස් අණ නොතකා ධාවනය කර තිබේ
ඉන් අනතුරුව පොලීසිය ටිපර් රථයට වෙඩි තබා ඇති අතර, එහිදී ටිපර් රථය මාර්ගයක අතහැර දමා රියදුරු පළා ගොස් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.