Spread the love

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කලත් අණ නොතකා ධාවන කරීමේදි පෙලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති බවත් පසුව ඔවුන් පලාගොස් ඇති බවත් අනාවරණය වෙයි.

මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බවත් , එක් පුද්ගලයකු ඇත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පැවසුවේය.