සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඉදිරියේ දී ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව එහි ඇතුළුත් උපදෙස් මත පමණක් අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා බව එම අමාත්‍යංශය පවසයි.
මේ වනවිටත් විදුහල්පතිවරුන්ට ඊට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.
