Spread the love

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් පසුගිය 10 වනදා සිට අතුරුදහන්වී ඇති බවට වාර්තා වුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සංචාරක පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව අදාළ විදෙස් ජාතික කාන්තාවගේ සිරුර අද (14) දිනයේ සොයාගැනීමට හැකිවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මරණයට හේතුව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවය.

ඇය පිටත්ව යන බව කියූ ප්‍රදේශයක තිබී මෙම සිරුර හමුවී ඇති බවද වාර්තා වෙයි.

මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.