Spread the love

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනාධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද (10) දිනයේ විරෝධතා ගොනු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරින් වහා ඉවත් විය යුතු බවට ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් යෝජනාව පදනම් කර ගනිමින් මෙම විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතයි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එම යෝජනාව ඉදිරිපත් කළේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ආන්දෝලනාත්මක අනාවරණයෙන් පසුවයි. 
වත්මන් දූෂිත ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු එම මණ්ඩලය වහා ඉවත් විය යුතු බව යෝජනාවෙ සදහන් විය.
ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කල යුතු බව ද එහි සඳහන් විය.
එම යෝජනාව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ස්ථිර කරන ලදී.