Spread the love

තමා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ජනාධිපතිවරයා විසින් තමාව කැඳවා එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බවට ප්‍රකාශ කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව තමන් විසින් පත් කළ කමිටුව ඉවත් නොකරන බවත් ක්‍රීඩා නීතිය නොව තමාව ඉවත් කර තීන්දුවක් ගන්නා ලෙස එහිදී තමන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

එසේම තහනම් නියෝගය පැනවීමත් සමඟ නැවතත් දූෂකයින් පිරිසක් අද සිට ක්‍රිකට් ආයතනයේ වැඩ බාරගන්නා බවත් වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.