Spread the love

අතුරු සම්මත ගිණුම ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

2025 වස‍රේ පළමු මාස 04 ක කාලය සදහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එහි මුළු ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 2600 ක් .

ඒ අනුව, 2025 වසරේ මුල් මාස 04 සඳහා පුනරාවර්තන වියදම් ලෙස, රුපියල් බිලියන 1000 ක්ද, ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 425 ක්ද වෙන් කර තිබේ.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව  අනෙකුත් ණය සේවාවන් සදහා රුපියල් බිලියන 1175 ක් ඇස්තමේන්තුගත කර තිබේ.

මෙම අතුරු සම්මත ගිණුම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිතයි.