Spread the love

ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC) වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, 2025 මුල් භාගය වන විට එය ආරම්භ කිරීමට නියමිත බවයි එම සමාගම පවසන්නේ.

අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයේ 34% හිමිවන අතර ඉතිරි කොටස රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වෙයි.