නිමල් රාජපක්ෂ-
දුම්රිය රියදුරු සංගමය අද මධ්‍යම රාත්‍රී 12 .00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පාලනාධිකාරිය වෙත ලිඛිතව දැනුවත් කොට ඇත.
ඒ අනුව දැන් සිටම ඇතැම් දුම්රිය රියදුරන් අසනීප නිවාඩූ වාර්තා කිරීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි. .
අද රාත්‍රී ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා අනෙකුත් දුම්රිය ද අවලංගු වීමට නියමිත වන අතර සවස ධාවනය ද ගැටලුවක් පවතී .
ඇතැම් දුම්රිය ධාවනාගාර වන රියදුරන් කොටසක් දූම්රිය ධාවන කටයුතු සඳහා කටයුතු සිදු කරන අතර ඇතැම් ධාවනාගාර රියදුරුන් කොටසක් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවතීර්ණය වී ඇත.
දෙවන පෙළට උසස්වීම් ලබා නොදීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් අද දින රාත්‍රී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතව ඇතැයි කසුන් චාමර මහතා වැඩිදුරටත් පැවසුවේය.
