Spread the love

නිමල් රාජපක්ෂ

උඩරට දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනය පෙරේදා සිට ඇනහිට තිබුණි. මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් පස්කදු දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට ඊයේ සිට පටන් ගෙන තිබුණි.

නමුත් තවමත් දුම්රිය මාර්ගය නිසියාකාරව සකස් කර ගැනීමට නොහැකි වීම නිසා අද රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය හා බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ධාවන වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කල බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.