නිම්ල් රාජපක්ෂ-
ගොවීන් ට නොමිලයේ ඉන්ධන බෙදා හැරීම අද සිට සිදු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ගැටළු කිහිපයක් නිසා එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර වහාම එම ඉන්ධන ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
ඒ අනුව ඊයේ(01) රාත්‍රියේම දිස්ත්‍රික් පහක් හැර අනික් දිස්ත්‍රික්වල සිටින ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම සදහා ටෝකන් පත් ගොවිජන දෙපාර්තුමේන්තුව මගින් බෙදා අවසන් කර තිබේ.
ඒ අනුව අද දින සිට අප රටේ සියලුම ගොවීන්ට අදාල ඉන්ධන නම් කරන ලද පිරවුම් හල්වලින් ලබා ගැනීමට හැකි බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ටෝකන් පත් යැවීමට නොහැකි වු කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක පහට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට පියවර ගන්නා බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල් . අබේරත්න මහතා පැවසීය.
මේ අනුව අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවේ. හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමිවේ.