කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ අද(09) සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 05ක් ආවරණය වන පරිදි මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම එහිදී සිදු වෙයි.
අදාළ ස්ථාන හඳුනාගෙන නඩු පැවරීම් ද සිදු කරනු ඇත..
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යාඥයින් ඇතුළු කණ්ඩායම් පරිසර පොලීසියේ ද සහය ඇතිව මෙම ස්ථාන නිරීක්ෂණය කිරීමට නියමිතයි.
වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 70178 ක් වාර්තා වී තිබේ.
මේ මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 1685 ක් හදුනාගෙන තිබේ.
එයින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව වැඩිදුරටත් පැවසුවේය.
