අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා දන්වා සිටියේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක හා විද්‍යුත් තැපෑල ලිපිනයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.
සෘජු දුරකථන අංක – 1911, 0112784208, 0112784537, 0112786616
ෆැක්ස් අංකය – 0112784422
පොදු දුරකථන අංක – 0112786200, 0112784201, 0112785202
විද්‍යුත් තැපැල් ලිපිනය – gceolexamsl@gmail.com
