Spread the love

මාසයක කාලය පුරාවට කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර තත්වයන් හේතුවෙන් ගොයම් වගාකරන ලද කුඹුරු අක්කර 13,897 ක් විනාශ වී ගොවීන් 4461 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇතැයි කිලිනොච්චිය ගොවි සංවිධාන පෙන්වා දෙයි.

මේ අනුව කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් වැඩිම කුඹුරු හානියක් සිදුව ඇත්තේ ඒම ප්‍රදේශයට වන අතර ඒහි කුඹුරු අක්කර 3000 කට අධික ප්‍රමාණයක් බවටද ගොවීහු පවසති.

කිලිනොච්චිය රාමනාදපුරම්, අක්කරායන්කුලම්, මුලංකාවිල්, කණ්ඩාවලෙයි, පරන්තන් , පූනකරි, පුලියන්පොක්කනෙයි, ඌරතීපුරම් සහ පලෙයි ආදි ප්‍රදේශයන්හි කුඹුරු අක්කර දහස් ගණනින් ජලය හා වර්ෂාවන් හේතුවෙන් විනාශ වී ඇති බවට ගොවීහු පැවසූහ.

මේ හේතුවෙන් මහක්නය වෙනුවෙන් ගොවිතැන් කරන ලද කුඹුරු අක්කර දහස් ගණනින් විනාශ වී යාම හේතුවෙන් කිලිනොච්චියේ ගොවීහු 5000 කට ආසන්න ප්‍රමාණයක් පීඩාවන්ට පත්ව සිටීඹ හේතුවෙන් ඒම ගොවීන්ට කඩිනම් වන්දි මුදල් ලබාදීමේ වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටද කිලිනොච්චියේ ගොවි සංවිධාන වැඩිදුරටත් පැවසූහ.