දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැම්ම ප්රදේශයේදී සිදුවූ වෑන් රිය අනතුරකින් සිව්දෙනෙකු බරපතළ තුවාල ප්රතිකාර සදහා කරාපිටිය රෝහල වෙත ඇතුළු කිරිමෙන් අනතුරව මවක සහ දියණියක් මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 සහ 32 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මවක් සහ දියණියකි. අනතුරු සිදුවි ඇත්තේ ඊයේ රාත්රියේ ය.
ඉදිරියෙන් ගමන් කළ ලොරිරථයේ වෑන් රථය හැපී මෙන් අනතුරු සිදුවි තිබේ. ර රියදුරුට නින්ද යාමෙන් අනතුරු සිදුවී ඇතැයි පොලිසිය සැකකරයි.
