අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වාහන අතර මීටර් 50ක පරතරයක් තබාගෙන රිය ධාවනය කරන ලෙස අධිවේගී මාර්ග රථවාහන පොලීසිය ඉල්ලීමක් කරයි
ආලෝක තත්ත්වය අඩුවී, අඳුරු ස්වභාවයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි.
