මඩකලපුව-ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය අසලදි පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන්සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා..
යතුරුපැදියේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරිය අනතුරින් බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, යතුරුපැදිය ධාවනය කරමින් සිටි පුද්ගලයාද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
