නිමල් රාජපක්ෂ–
ඉදිරියේදි මගීන්ගේ ආරක්ෂාව සදහා බස්රථවල ගමන් ගන්නා සියළු මගීන් සදහා ආසන පටි පැළදවීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.
ආසන පටි නීතිය 2011 වසරේ පැනවු නීතියක් බවත් ක්‍රියාකාරි සැලැස්මට අනුව දිනෙන් දින සිදුවන අනතුරු වලින් මගි ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව රජය ආසන පටි පැළදවීමට කඩිනමින් ක්‍රියාවට නැංවු බවද කමල් අමරසිංහ මහතා පැවසුවේය.
මෝටර් රථ ආඤාපනතට අනුව ඉදිරියේදී ආසන පටි පලදින් නැති අයට පොලීසිය හරහා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද මෝටර් රථ කොමසාරිස් වරයා වැඩි දුරටත් පැවසුවේය.
වීඩියෝව නරඹන්න