මාතර – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ වලස්ගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 50 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වලස්ගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නතර කොට පරික්ෂාවට ලක්කල අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා් ගැනීමට පොලීසිය සමත්වෙයි.
එම අවස්ථාවේදී මෝටර් රථයේ සඟවා තිබූ මෙම හෙරොයින් තොගය පොලිස් නිලධාරීන් භාරයට ගැනීමත් සමඟ රියදුරු මෝටර් රථය රැගෙන පළාගොස් තිබේ.
පසුව මෝටර් රථය හක්මන ප්‍රදේශයේ නිවසක දමාගොස් තිබියදී සොයාගෙන ඇති අතර, ඊට අදාළව නිවසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
