වගේම ජාත්‍යන්තර ආර්ථිකයකුත් තියෙන්න ඕනේ. දෙකම මැදිකරගත් අලුත් ආර්ථික රටාවක් වෙනුවෙන් අපි කල්පනා කරනවා. එහෙම නැතිවුනොත් අපිට අනාගතයක් නැහැ. කතා කර ඉන්නවට වඩා අලුත් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න කල්පනා කරන්න ඕනේ. රට කඩාගෙන වැටුන නිසා අපි හැමෝටම විශාල බරක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. බදු වශයෙන් බර දරන්න වෙලා. අපිට ජීවත් වෙන්න ලොකු බරක් දරන්න වෙලා. ඒක වෙනස් කරන්න පුලුවන් ජාතික ආදායම වර්ධනය කිරීමෙන් විතරයි. අපේ වෙළෙදපොළ වැඩි කිරීමෙන් විතරයි. අපනයනය වැඩි කිරීමෙන් විතරයි. එහෙම කළොත් විතරයි ආර්ථිකයේ අනෙකුත් අංශ දියුණු කරන්න පුලුවන් වෙන්නේ. ලෝකයේ මේ වගේ රටවල් කඩාගෙන වැටනා. 1982 වෙනකොට ඉන්දියාව මේ වගේ කඩාගෙන වැටුනා. නමුත් ඉන්දියාවට ආවා අලුත් ආර්ථික උපදේශකයකු විදියට මුදල් අමාත්‍ය මනමෝහන් සිං මහතා. ඉන්දියාවේ ආර්ථිකය අනිත් පැත්ත හැරෙව්වා. අද ඉන්දියාවේ ආර්ථිකය ලෝකයේ පස්වෙනි තැන. තව වසර පහකින් ලෝකයේ තුන්වෙනි ආර්ථිකය බවට පත් වෙනවා. අපිත් ඒ හා සමානව මානව සම්පතක් තියෙන රටක්. කොහොමද දියුණු කරන්න ඕනේ කියලා මතයක් තියෙන්න ඕනේ. ඒ නිසා මුලු රටම අපි එකතු කරන්න ඕනේ. අපේ රටේ තිබුනා වැඩ කිරීම පාපයක් කියලා. නිකන් ඉදීම යහපත් කියලා කල්පනා කළා. වැඩ කිරීම පාපයක් නෙමේ අවශ්‍ය දෙයක්. ඒ වෙනුවට වෙනස් දේශපාලන චින්තනයක් ගේන්නනම් අලුත් අදහසක් මෙතන්ට ගේන්න ඕනේ. කවුරු ජනාධිපති අපේක්ෂකයා වුනත් ඒ හැම කෙනාම අපේ ආර්ථික ප්‍රතිපත්තිය නව වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් කරන්න ඕනේ. වගකීමක් අපි භාර ගන්නේ වගකීම ඉටු කරන්න විතරයි. අපි අද මේ කරන්නේ අපේ දේශපාලන මතය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක්. අපේ අදහස කියන එක. මම හිත්නනේ නැහැ අපි කාටවත් යටත් විය යුතුයි කියලා. අපි ස්වාධීන ලෙස අපේ අදහස ඉදිරිපත් කරලා, ඒ අදහසත් එක්ක ගොනුවෙන අය සමග එකඟතාවක් නිර්මාණය කරමින් ඉන්නේ කියලා විශ්වාස කරනවා. මෙන්න මේ නිසා අපි එකතු වෙනවා.”
