Spread the love


නිමල් රාජපක්ෂ– –
දිවයින පුරා මහා පරිමනයෙන් සිදු කරන අපරාධ රැසකට සමබන්ධ ජාවාරම් කරුවන් හා මත් ජාවාමරම සමබන්ධ සැකකරුවන් 5 දෙනෙකු සමගින් මුදලින් රුපියල් 509000.00 ක් ම්ත්ද්‍රව්‍ය තොගයක් , අපරාධ සදහා යොදාගන්නා උපකරණ තොගයක් රාගම කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ නිවසකින් ගණේමුල්ල පොලිසිය පසුගියදා (24) අත්අඩංගුවට ගෙන ඇත.


කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමේදී අදාල නිවසේ තිබී අසිය් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1270 ක්,හෙරොයින් ග්‍රැම් 375ක්,පොලිස් පරීක්ෂක නිල ඇදුමට සමාන නිල ඇදුමක්, පොලිස් ක්‍රීඩා ඇදුම් කට්ටලයක්,පොලිස් නිලධාරින් භාවිතා කරන බදපටි එකක්, තරාදි 3ක්, හෙරොයින් හා අයිස් ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 509000.00 ක් විවිධ පුද්ගලයන්ගේ ජාතික හැදුනුම් පත් 36 ක් රියදුරු බලපත්‍රයක් ජංගම දුරකථන 8 ක් සමගින් සැකකරුවන් 2ක් හා සැකකාරියන් 3 ක් අත්අඩංගුවට ගත්බව ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස්.ප්‍රියන්ත මහතා පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපපත්කොට රැදවුම් නියෝග ලබාගෙන වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා රාගම පොලීසිය වෙත බාරදී තිබේ.

බස්නාහිර පලාත් ජේෂ්ඨ පොලිස්පති සංජීව කරුණාරත්න මහතාගේ උපදෙස් මත , කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිසි අධිකාරි තුමාන්ගේ මෙහෙයුවීමනේ, කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස්. ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ . පොලිස් පරික්ෂක පුෂ්පකුමාර ,සැරයන් වරුන්වන බණ්ඩාර , සමරකෝන් , කොස්තාපල්වරුන්වන ඉෂාන් ,දිනේෂ් යන නිලධාරීන් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ,ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති,ජයකොඩි මහතා ඇතැලු නිලධාරීන් ගම්පහ කොට්ඨාශ බුද්ධි ස්ථානාධිපති තුමා ඇතුලු නිලධාරින් එක්ව මේම වැටලිම සිදු කළහ.