Spread the love

මුල්කිරිගල ගුණරත්න

කොලඹ සල්පිටි කෝරලේ ප්‍රධාන අදිකරණ සංඝ නායක ශ්‍රී සද්දර්ම කීර්ති රාජකීයා පණ්ඩිත හදුගල ශ්‍රී විජයාරාම විහාරය හා කොලඹ බොරුපන සාම විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාල පූජ්‍ය වලස්මුල්ල හදුගල පුවක්ගාහේනේ වජිරඤාණ නාහිමියන්ගේ වර්ශ පූර්ණ පිංකම මෙම මස 17 හා 18 යන දිනයන්හිදී හදුගල ශ්‍රී විජයරාම විහාරස්ථානය දී පැවැත්වේ.


17 වන දින රාත්‍රි පරිත්‍රාණ ධර්මදේශනාව පැවැත්වෙන අතර 18 වන දින මහා සංඝ රත්නය උදෙසා පිදෙන හීල් දානමය පිංකමකි.

මෙම වර්ශ පූර්ණ පිංකම වර්තමාන හදුගල ශ්‍රී විජයාරාම විහාරාධිපති කැටියපේ අමිතසාර නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා හදුගල මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති දෙයියන්දර ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි හදුගල ශ්‍රී විජයාරාම විහාරස්ථ දායක සභාව මෙම පිංකම සංවිධානය කර ඇත.