ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් තේ වතු සමාගම්වලට එරෙහිව (21) දින වතුකරය පුරා දියත් කර තිබු වැඩ වර්ජනය සහ උද්ඝෝෂණය අසාර්ථක බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ප්‍රදේශයේදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසය වතුකරයේ අනෙකුත් වෘත්තිය සමිති සාකච්ඡා නොකර වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට බල කරමින් වතුකරය පුරා වැඩ වර්ජනය කරමින් වතු කම්කරුවන් ප්‍රධාන නගර වලට ගෙන්වා උද්ඝෝෂණ සිදු කල බවයි.
එම උද්ඝෝෂණවලට විශාල පිරිසක් සහභාගි නොවිම නිසා එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වතු හාම්පුතුන්ට කිසිදු බලපැමක් ඇති කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවත්, එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කල නායකයින් සහභාගි නොවි වතු කම්කරුවන් සහ එම වෘත්තිය සමිතියේ ප්‍රාදේශිය නායකයින් යොදාගනිමින් සිදු කල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් බවයි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතුකරය නියෝජනය කරන සියළුම වෘත්තිය සමිති සාකච්ඡාවකට කැදවා එම වෘත්තිය සමිති නායකයින්ගේද අදහස් ලබාගෙන වතුකරය පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කරන්නේ නම් වතු හාම්පුතුන්ගේ සංගමය වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවට එළඹෙන බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.
තම සන්ධානය සමග සාකච්ඡා නොකර ලංකා කම්කරු කොන්ග්‍රසයේ අභිමතය පරිදි (21) දින සිදු කල වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට තම වෘත්තිය සමිති වල සහයෝගයද ලබාදුන් බවද පලනි දිගම්බරම් මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් පැවසිය.
