2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ කෙරිණ.
මධ්‍යස්ථාන 2,300කදී උසස් පෙළ විභාගය පැවැත්වන අතර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531ක් වශයෙන් අයදුම්කරුවන් 346,976 ක් පෙනී සිටීමට නියමිතයි
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව වැඩපිළිවෙළක්ද සූදානම් කර ඇත.
එසේම විභාග අපේක්ෂයින්ට ලබාදුන් ප්‍රවේශපත්‍රයේ ඇති කාලසටහන සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකර විෂයන් සඳහා නියමිත දිනයේ පෙනී සිටින ලෙසයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.