අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ ඉතා අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ වයස 30ක පමණ නාදුනන තරුණයකුගේ බවද පොලීසිය කියයි.
මිය ගිය තරුණයාගේ කකුලක කොටසක් දක්නට නොලැබෙන බවත් හිසට බරපතල තුවාල සිදුව තිබෙන බවත් මෙය දුම්රියේ ගැටි මිය යාමක් නොවන බව ඒ අවස්ථාවේදී ධාවනයවූ දුම්රිය රියදුරන් පැවසූ බවත් ද පොලීසිය කියයි.
මේ තරුණයා ඝාතනය කොට දුම්රියට හසුවී මිය ගියේ යයි පෙන්වීම සදහා ඝාතනය කොට මෙම ස්ථානයට ගෙන දමන්න ඇති බවට පොලීසිය සැකකරයි.
මෙසේ හමුවූ තරුණයා මෙම ප්‍රදේශයේ පුද්ගලයකු නොවන බව පදේශවාසීහු කීහ.මෙය අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් එක්විය හැකි බවද ඔවුහු කීහ.