අම්බලන්ගොඩ, මීටියාගොඩ ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන්කළ පුද්ගලයකුට වෙඩි තබා පලාගොස් තිබේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ 47 හැවිරිදි පුද්ගලයා ප්රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබදව මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
