Spread the love


නිමල් රාජපක්ෂ-

ගණේමුල්ල අමුණුගොඩ ප්‍රදේශයේ දියත් කළ සෝදිසි මෙහෙයුුමකදි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් , මත්ජාවාරම් කරුවන් , බීමත් රියදුරන් , අතුළු 30 දෙනෙකු අත්අඩංගුවට ගත්බව ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස් ප්‍රියන්ත මහතා පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම ඊයේ (15) අළුයම 4 සිට උදෑසන 8.00 දක්වා වු පැයහතරක කාලයක් මුළු අමුණුගොඩ ප්‍රදේශයම ආවරණය වන පරිදි සිදු කොට තිබේ.
එහිදී මනුෂ්‍ය ඝාතනයට අවශ්‍ය සැකකරුවකු, අයිස් ළග තබාගත් සැකකරුවන් 4 දෙනකු , නීති විරොධී මත්පැන් ළග තබාගත් සැකකරුවන් 3 දෙනෙකු , විවෘත වරෙන්තු ලැබු එක් සැකකරුවකු හා සැකපිට සැකකරුවන් 20 දෙනෙකු , බීමත් රියදුරකු අත්අඩංගවට ගැනීමට සමත්වී ඇත.
අදල සැකකරුවන් ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
බස්නාහිර පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත , බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති උතුර ප්‍රිියන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය මත, ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ ගම්පහ සහකාර සහකාර පොලිස් අධිකාරි කුවින්ටස් පෙරේරා, යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ,ගණේමුල්ල පොලිස්ථානාධිපති යු.පී.එස් ප්‍රියන්ත , වැලිවේරිය පොලිස්ථානාධිපති ගුණවර්ධන,මල්වතුර හිරිපිටිය පොලිස්ථානාධිපති ගැමුණු ගුණරත්න, යක්කල ,වීරගුල ,බෙම්මුල්ල ,දොම්පේ ,පුගොඩ , කෑරගල යන පොලිස් ස්ථානාධිපතිවරුන් , පොලිස් නිලධාරින් , ගෝනහෙන් විශේෂ කදවුරේ නිලධාරීන් ,යුධ හමුදා වේයන්ගොඩ කදවුර, නාවිකහමුදාකදවුර, ගුවන් හමුදා ඒකල කදවුර යන සේවා ස්ථානල නිලධාරින් 200 ක් දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම සෝදිසි මෙහෙයුම දියත් කළහ.