විදුලි බල මණ්ඩලය මගින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම හා ඒ හා සමගාමීව සිදුකරනු ලබන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙරවරු 09.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15ක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව කොළඹ ,දෙහිවල ,ගල්කිස්ස ,කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ වලටත් මහරගම ,බොරලැස්ගමුව ,කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ වලටත් කොටිකාවත්ත ,මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලටත් ජල කප්පාදුව සිදුවෙයි.
එම කාලය තුල මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.
