Spread the love

නාගොඩ සුමන

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේවන විට දිස්ත්‍රික්ක 07 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 පුද්ගලයන් 19234 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 4786කට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ලවී ඇතිබව දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 4759ක් පීඩාවට පත්ව ඇතිබව පැවසීය.

පවුල් 340 අයත් පුද්ගලයන් 1140ක් ආරක්ෂිත ස්ථාන වල රඳවා සිටියි. 

ආපදා හේතුවෙන් නිවාස 07කට අර්ධ හානි සිදුව ඇතිබව ලේකම්වරයා පැවසීය.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අද (20) දිනයේ වසා දැමුණු පාසල් කාලගුණ තත්ත්වය පිළිබඳ සලකා බලා හෙට (21) දිනයේ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරන බව වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.