Spread the love

අයහපත් කාලගුණය හේතුවෙන් ගෙවී ගිය දින 05 තුළ පමණක් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී නිවාස හා ගොඩනැගිලි 162කට හානි සිදුවී තිබෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික් 6ක පවුල් 180කට අයත් පුද්ගලයන් 731ක් අධික වර්ෂාව නිසා ඇතිවූ අයහපත් බලපෑමෙන් පීඩාවට පත්ව තිබේ

වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර, තද සුළං, නායයාම් හේතුවෙන් කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, බදුල්ල, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්වල දෛනික කටයුතුවලට බාධා එල්ල වී  ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ අතර අද දිනයේත් ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබුණා.

මේ අතර දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.